ප්‍රධාන පුවත්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරු සොයා පොලීසියෙන් මහජන සහාය ඉල්ලයි

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක රථගාලකදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ද්විත්ව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පසුගිය පෙබරවාරි 16 වනදා මෙම ඝාතනය සිදුව ඇති අතර, වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සොයා මෙලෙස විමර්ශන ක්‍රියාත්මක කරයි.

පොලීසියට අනුව, අදාළ සැකකරුගේ තොරතුරු සහ ඡායාරූපයද මහජනතාවට නිකුත් කර ඇති අතර, ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071-8592279
ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071-8596065

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මේ වනවිටත් පොලීසිය විසින් සිදුකරගෙන යයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button