
UNP–SJB රජයක් ගොඩනගන්න සූදානම් ජයගත යුත්තේ ජනතාවයි – සජිත් ප්‍රේමදාස
ජනතාවාදී රාජ්‍යයක් හා ශක්තිමත් පාලන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය (UNP) හා සමගි ජන බලවේගය (SJB) එකට එක්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවැති උත්සවයකට සහභාගී වෙමින්ය.
මෙම සැමරුම් උත්සවය ඊයේ (21) පස්වරුවේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ගාමිණී දිසානායක මහතාගේ සේවය සිහිපත් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින් සහ විවිධ පාර්ශවයන්ට අයත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය එළඹිලා තිබෙනවා. පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් මුල පුරනවා. අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ පොදු ජනතාවමයි”



