ප්‍රධාන පුවත්

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් මෙලෙස අත්හිටුවීමට කටයුතු කර තිබේ.

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නීතිමය පියවර

අපරාධයකින් උපයාගත් දේපළ සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන යටතේ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දැනට සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම බැංකු ගිණුම් අත්හිටුවීමේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව, අදාළ බැංකු ගිණුම් අත්හිටුවීම සම්බන්ධ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රඛිත රාජපක්ෂගේ නිවසට ගොස් ඇත.

කෙසේ වෙතත්, එම නිල දැනුම්දීම භාරදීමට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී රඛිත රාජපක්ෂ නිවසේ නොසිටි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button