ප්‍රධාන පුවත්

රක්නා ආරක්‍ෂක ලංකා සමාගම නිරීක්ෂණයට නියෝජ්‍ය ඇමති එක්වේ

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එහිදී සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතා ඇතුළු නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

රක්නා ආරක්‍ෂක ලංකා සමාගම මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින මෙහෙයුම් සහ ව්‍යාපෘති මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

අනතුරුව ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම අගය කළේය. ඉදිරියේදී ආයතනය වෙත ලබාදී ඇති ඉලක්ක සහ අරමුණු සාර්ථකව ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන ලෙසද ඔහු උපදෙස් ලබාදී තිබේ.

තම රාජකාරී ඉටු කිරීමේදී ඉහළ කාර්යක්ෂමතාවක්, වෘත්තීය ප්‍රමිතියක් සහ කණ්ඩායම් හැඟීමක් පවත්වා ගැනීමේ වැදගත්කමද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ඉදිරි ප්‍රගමනයට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ ජාතික ක්‍රියාවලියටද ශක්තිමත් දායකත්වයක් ලබාදෙන ලෙස ඔහු අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button