
මිලාද් උන් නබි උත්සවය අදයි – මුහම්මද් නබිතුමන්ගේ උපත අද 26 සැමරේ
මිලාද් උන් නබි උත්සවය අද (26) ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විසින් මහත් භක්තියෙන් සමරනු ලබයි.
ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සිහිපත් කරමින් දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් මෙම උත්සවයට එක්වෙති.
සාමය සහ සමානාත්මතාව මත පදනම් වූ ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබිතුමන් ක්‍රිස්තු වර්ෂ 570දී අරාබියේ මක්කම නගරයේ උපත ලබා ඇති බව සඳහන් වේ.
කුඩා වියේ සිටම යහපත් චරිතයකින් යුතුව ජීවත් වූ නබිතුමන් සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වූ බව ඉස්ලාම් ඉතිහාසයේ සඳහන් වේ. වයස අවුරුදු 40දී අල්ලාහ් දෙවියන් විසින් නබිවරයෙකු ලෙස තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි.
දේශනා, ක්‍රියා සහ පරිත්‍යාග තුළින් ඉස්ලාම් දහමේ හර පද්ධතිය ලොවට පෙන්වා දුන් සුවිශේෂී ආගමික නායකයෙකු ලෙස මුහම්මද් නබිතුමන් සැලකේ.
මනුෂ්‍යත්වය, සාමය සහ මානව ප්‍රේමය වෙනුවෙන් කැප වූ නබි නායකතුමන්ගේ ජීවිතය සහ ඉගැන්වීම් සිහිපත් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද මිලාද් උන් නබි උත්සවය ආගමික වතාවත් සමඟ සමරනු ලබයි.



