
ප්‍රධාන පුවත්
යල කන්නයේ වී මිලදී ගැනීම ටොන් 5,390 ඉක්මවයි
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 5,390ක් රජය මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනිදා ආරම්භ කළ මෙම වැඩසටහන හරහා එම වී තොගය මිලදී ගෙන ඇති බවයි.
මේ වන විට වැඩිම වී ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එහි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,148ක් වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 567ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 620ක් ද මිලදී ගෙන තිබේ.
අස්වනු නෙළීම ඉදිරියේදී වැඩිවන ප්‍රදේශ ආවරණය වන පරිදි තවත් වී ගබඩා විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව දිවයින පුරා ගබඩා 148ක් වී මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට නියමිත බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.



