
ප්රධාන පුවත්
යටවත්තේදී පොලිස් නිලධාරීන්ට පහරදීමට 4ක් අත්අඩංගුවට
යටවත්තේදී පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (10) මාතලේ, ගම්මුල්ල ප්රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මෙම ප්රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා ප්රතිකාර සඳහා යටවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යටවත්ත පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති පිරිස පොලිස් නිලධාරීන් ගමන් කළ ත්රිරෝද රථයට ද හානි කර ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



