උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් තැබේ

නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ විමර්ශනයට අදාළ නඩුවේ ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

නාමල් රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට නියෝග

ඒ අනුව, අදාළ උපදෙස් ලැබී තිබේද යන්න විමසා බැලීම සඳහා නඩුව ලබන පෙබරවාරි මස 11 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේදී එන්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක රුපියල් මිලියන 15ක පමණ මුදලක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදු කෙරේ.

එම විමර්ශනයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button