
මෙරට දූදරුවන්ට සිහින පාසලක්’ කරා යන ගමන අගමැතිනිය හෙළිකරයි
මේම වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය වරිය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.
එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද අවධාරණය කර සිටි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, වසරින් වසර නනවීකරණය වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද එතුමිය මෙහිදී කියා සිටියාය.
‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
අද දින (29) අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් එතුමිය මෙම අදහස් පළ කළාය.
ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් උතුම් ගුණධර්මවලින් හා සහකම්පනයෙන් යුතු සිසු පරපුරක් බිහිකරන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, දරුවන් ඔසවාගෙන යන පාසල් බෑගයේ බර අඩුකිරීමෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙල පීඩනයෙන් තොරව ඉගෙන ගැනීමට අවශ්‍ය වටාපිටාවක් සකස් කිරීමට දායක කරගන්නා බවද කියා සිටියාය.
උපුටා ගැනීම
ආදරණීය දුවේ, පුතේ,
පළවෙනි ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන ඔබට, අප තිළිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා 13 වසරක අධ්‍යාපනය තුළින් පාසලෙන් එළියට යන්නේ සමතෙක්, දක්ෂයෙක් විදියට රටට ලෝකයට ප්‍රයෝජනයක් දෙන අයෙක් විදියට බවට මට විශ්වාසයි. අන්න ඒක තමා අපි ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා ඒ ලෝකය භාරගන්න කල්.
ආදරණීය ගුරුවරුනි,
මව් ඇකයෙන් මිදී ඔබ වෙතට පැමිණෙන දරු දැරියන්ට අධ්‍යාපනය පමණක් නොව, ආදරය, සෙනෙහස හා රැකවරණයද ලබාදෙන බව අපි දනිමු. ඔවුන්ට අකුරු පමණක් නොව ජීවිතයද උගන්වන ඔබට ප්‍රණාමය පුදකර සිටිමු. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබගේ කැපවීම මත බව මතක් කිරීමට කැමතියි. ගුරුවරු සමඟ ඇති කරගන්නා සබඳතාවය දියුණු කරගත යුතු අතර, එය අතිශ්‍ය වැදගත්ම දෙයක් ලෙස අපි දකිනවා. එහි ගෞරවණීය බව රැකගෙන වෘත්තීය බව රැකගෙන ඉදිරියට යා හැකි බවට වන විශ්වාසය අප සතුව තියෙනවා.
දයාබර දෙමාපියණි,



