
ට්‍රම්ප්ගේ තර්ජන වලට ඉරානයෙන්ද අනතුරු ඇඟවීම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමක් හෝ සාකච්ඡා කිරීම සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට ඉරානයට අනතුරු අඟවා ඇත.
අති විශාල අමෙරිකානු නාවික හමුදාවකින් සමන්විත සන්නද්ධ යුද නෞකාවක් ඉරානය දෙසට ඉතා උද්‍යෝගයෙන් සහ ස්ථිර අරමුණකින් වේගයෙන් ගමන් කරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී අනතුරු අඟවා ඇත.
ඒ අතර ඉරානය ද එම ප්‍රකාශට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ “අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට සූදානම්” බවයි.
එහෙත් බලපෑම් කළහොත් ආරක්ෂාව සඳහා පෙර නොවූ විරූ ලෙස එයට ප්‍රතිචාර දක්වන බවට ඉරානය ද තර්ජනාත්මක පිළිතුරක් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
ඒ අතර ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන මුලුමනින්ම සාමකාමී බව අවධාරනය කර ඇත න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට අමෙරිකාව සහ අමෙරිකාවට පක්ෂපාති ඇතැම් පිරිස් විසින් කරන ලද චෝදනාව පිළිබඳ නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.



