
මුහුදු ප්‍රදේශ රැසකට තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.
මේ අතර, මීගමුව සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-3.0ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම තත්ත්වය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වූ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ජනතාව මෙන්ම වෙරළ ආශ්රිත ප්‍රදේශවල පදිංචි ජනතාවද මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



