ප්‍රධාන පුවත්

මුදල් ආරවුලක් දුරදිග යාමෙන් මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිය මවට පහරදී ඝාතනය කළ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට ලක්වූයේ අවුරුදු 40ක් වයසැති සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (17) පස්වරුවේ සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදීය.

පොලිසිය අනාවරණය කර ඇත්තේ, මව සහ පුත්‍රයා අතර පැවති මුදල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදු වී ඇති බවයි. එහිදී පුත්‍රයා විසින් අතින් හා පාදයෙන් පහරදී මව ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

අදාළ සිද්ධියට සම්බන්ධ අවුරුදු 20ක් වයසැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සන්දිවේලි පොලිසිය විසින් සිදුකරමින් පවතී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button