
අදානි අම්බානි අභිබවා ආසියාවේ ධනවතා වෙයි
ඉන්දියාවේ ප්රමුඛ ව්‍යාපාරිකයෙකු වන Gautam Adani ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නවතම වාර්තාවල ඉදිරියට පැමිණ තිබේ.
Adani Group හි නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු, දිගු කාලයක් එම ස්ථානය දරා සිටි Mukesh Ambani පසුබැස්වීමට සමත් විය.
Bloomberg Billionaires Index අනුව, අදානිගේ ශුද්ධ වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 92.6 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතර, අම්බානිගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 90.8ක් ලෙස සටහන් වේ.
මෙම නවතම යාවත්කාලීන අනුව, ලොව ධනවත්ම පුද්ගලයින් අතර අදානි 19වන ස්ථානයටත්, අම්බානි 20වන ස්ථානයටත් පත්ව ඇත.
එමෙන්ම, ලොව ධනවත්ම පුද්ගලයින් ලැයිස්තුවේ ඉදිරි ස්ථාන අටම අමෙරිකානු ව්‍යාපාරිකයින් විසින් අත්පත් කරගෙන තිබේ. එහි පෙරමුණේ තවදුරටත් Elon Musk සිටින අතර, ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 656ක් ලෙස දක්වා ඇත.
දෙවන ස්ථානයේ Larry Page සිටින අතර ඔහු ඩොලර් බිලියන 286ක වත්කම් හිමිකරගෙන ඇත. තුන්වන ස්ථානයට Jeff Bezos පත්ව ඇති අතර, ඔහුගේ වත්කම ඩොලර් බිලියන 269ක් ලෙස වාර්තා වේ.



