ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට

නව ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත කර, ජනමත විචාරණයකින් ද අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button