උණුසුම් පුවත්

මැදපෙරදිග උණුසුම වැඩිවේ: Brent බොරතෙල් මිල 10%කින් ඉහළට – බැරලය ඩොලර් 100 සීමාවට යාමේ අවදානම

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරයන් පසුබැසීමෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය ආතතියක් උද්ගත වී ඇත. මෙම තත්ත්වය ලෝක වෙළඳපොළට සෘජු බලපෑමක් සිදුකරමින් බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා වේ.

විදේශ මාධ්‍ය අනාවරණය කරන්නේ Brent Crude වර්ගයේ බොරතෙල් මිල සතියකින් සමාන කාලයකදී සම්මතයෙන් 10%ක පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ වන විට Brent බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට ළඟා වී තිබේ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්, බොරතෙල් බැරලයක මිල ඉදිරි දින කිහිපය තුළම ඩොලර් 100 සීමාවට පවා ළඟා විය හැකි බවයි.

මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමයි. ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකිය යුතු කොටසක් මෙම සන්ධිය හරහා ගමන් කරන බැවින්, එහි ඇතිවන අස්ථාවරතාවය සෘජුවම ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපායි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button