
උණුසුම් පුවත්
මහමෝදර නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට ගැසට් පත්‍රයක්
මහමෝදර නව බන්ධනාගාරය පිහිටුවීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත හිමි බලතල අනුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
ගාල්ල, මහමෝදර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන මෙම නව බන්ධනාගාරය “මහමෝදර” නමින් හඳුන්වනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර ඇත.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, වසා දමා ඇති මහමෝදර රෝහලේ කොටසක් භාවිත කරමින් මෙම බන්ධනාගාරය තාවකාලික පදනම මත පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි.




