ප්‍රධාන පුවත්

මත්තලදී මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් 5ක් අත්අඩංගුවට

මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මුවන් වෙඩි තබා ඝාතනය කර එම මස් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ භූමියේ සැරිසරන මුවන් දඩයම් කර ලබාගත් මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයන්ට අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

අදාළ මුවන් දඩයම් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මළ සිරුරු සහ මස් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විශේෂ වැටලීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීමේදී දඩයම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ගිනිඅවි මෙන්ම ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධියට අදාළව මත්තල පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණ සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button