
අද සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි විවෘතයි – බස් සහ දුම්රිය සේවාත් සාමාන්‍ය පරිදි
සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු අවසන්වීමත් සමඟ අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි විවෘතව පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙවර අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවූයේ සඳුදා සහ ඊයේ (14) යන දින දෙකක් පමණක් නිවාඩු ලෙසය.
අලුත් අවුරුදු සමයේ ගම් බිම් වෙත ගමන් කළ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අද සිට අමතර බස් රථ ධාවනයට එක්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි ධාවන අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පෙන්වා දෙන්නේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ලබාදී ඇති බවයි.
එමෙන්ම අද සාමාන්‍ය වැඩ දිනයක් වන බැවින් කාර්යාල දුම්රිය සේවා ද පූර්ව පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව අනුව අදාළ දුම්රියන් ධාවනයට එක්කරන බවයි.



