
ඉරාන-අමෙරිකා නව ගිවිසුමට ට්‍රම්ප් සහ වෑන්ස්ගේ අත්සන්
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති Donald Trump, උප ජනාධිපති J. D. Vance සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක Mohammad Bagher Ghalibaf අත්සන් තබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වාර්තාවලට අනුව මෙම එකඟතාවය මඟින් ලෝක වෙළෙඳාමට සහ බලශක්ති ප්‍රවාහනයට වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වී තිබේ.
ගිවිසුමේ සම්පූර්ණ තොරතුරු ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, දෙරට අතර ඉතිරිව ඇති තාක්ෂණික හා ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධ සාකච්ඡා මෙම සතියේ අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන් තත්ත්වය අවම කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වනු ඇති බවයි.



