ප්‍රධාන පුවත්

මගී බස් රථ සඳහා සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 60 සිට 360 දක්වා ඉහළට

මගී ප්‍රවාහන බස් රථ සඳහා සතියක කාලයක් තුළ ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60 සිට 360 දක්වා පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසා ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය අනුව එම ඉන්ධන ප්‍රමාණය තීරණය කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම නව ක්‍රමවේදය සකස් කර අවසන් වන තෙක්, මගී බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වගකීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉටු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button