
භාණ්ඩ අලෙවියේදී බිල්පත් සහ ලේඛන අනිවාර්යයි
භාණ්ඩ අලෙවියේදී බිල්පත් සහ භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන ළඟ තබා ගැනීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳ ප්‍රජාවට දැනුම් දී තිබේ.
අධිකාරිය නිකුත් කර ඇති විධාන අංක 83 යටතේ මෙම නීතිය 2022 අප්‍රේල් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, නිෂ්පාදකයින්, ගබඩා හිමියන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ සියලුම වෙළෙඳුන් ඊට යටත් වේ.
අදාළ බිල්පත්වල සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ නම් කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් විය යුතුය.
භාණ්ඩ තිබුණද ඒවා කාගෙන් මිලදී ගත්තේද යන්න තහවුරු කළ නොහැකි වීම ව්‍යාපාරයකට විශාල අවදානමක් බව අධිකාරිය පෙන්වා දෙයි. විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා නිසි බිල්පත් නොමැති වීමෙන් ඒවා පැමිණි සැපයුම් මාර්ගය හඳුනා ගැනීම දුෂ්කර වේ.
එවැනි අවස්ථාවලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අදාළ වෙළෙන්දාගෙන් ආරම්භ කර තොග වෙළෙඳපොළ සහ ආනයනකරු දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට සිදුවන බව සඳහන් කරයි.
වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම්වලදී මෙම ලේඛන පරීක්ෂා කෙරෙන අතර, නීතිය උල්ලංඝනය කරන අවස්ථාවලදී භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව අධිකාරිය අවධාරණය කරයි.
නිසි ලේඛන පවත්වාගෙන යමින් වගකීමෙන් යුතුව ව්‍යාපාර කරන සාධාරණ වෙළෙඳුන් ආරක්ෂා කිරීමත්, ලේඛන රහිත සහ හඳුනාගත නොහැකි නීති විරෝධී සැපයුම් මාර්ග හරහා භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු බව අධිකාරිය පෙන්වා දෙයි.



