
ප්‍රධාන පුවත්
පාසල් පැවැවීමට සීමාකිරීමට රජයේ කිසිදු තීරණයක් නැ
පවතින ඉන්ධන සපයාගැනීමෙ අපහසුතා හමුවේ පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමාකිරීමේ තීරණයක් රජය විසින් මෙතෙක් ගෙන නොමැති බව රජයේ තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පවත්වා අද (22) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කෙසේ හෝ වාර අවසන් කිරීමට ඇත්තේ අප්‍රේල් මස 10 වන දින බවත් නියමිත පරිදි එතෙක් බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සම්බන්ධයෙන් ඇතිවී තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් පාසල් දින 4ක් සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



