ප්‍රධාන පුවත්

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් වැඩි කෙරේ

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 5කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සනත් මංජුල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපා ඇති පිරිවැය ඉහළ යාම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය සිදුකරන බවයි.

ඒ අනුව අද සිට නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button