
අද විශේෂ
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස නිලන්ත ප්‍රේමරත්න වැඩ භාරගනී
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කළ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) සිය නව ධුරයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළේය.
යුද හමුදා මූලස්ථානයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නිල ලේඛනයකට අත්සන් තැබීම මඟින් ඔහු සිය ධුරයේ කටයුතු සංකේතාත්මකව ආරම්භ කළ බව සඳහන් වේ.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර තිබේ.
එමෙන්ම ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද දරමින් සිටියි.



