ප්‍රධාන පුවත්

බහරේනයේ විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවට ඉරාන ප්‍රහාරයක්

බහරේනයේ පිහිටි ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙත ඊයේ (28) ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර, තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව සදහන්ය.

ප්‍රහාරය හේතුවෙන් සිදුවූ භෞතික හා මූල්‍ය අලාභය සම්බන්ධයෙන් සමාගම විසින් තවමත් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතර, සේවකයන්ගේ ආරක්ෂාව තම ප්‍රධාන වගකීම බව ද ඔවුන් අවධාරණය කර තිබේ. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ඇති වූ ප්‍රවාහන බාධා හේතුවෙන්, කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාවයෙන් සම්පූර්ණයෙන්ම නොව, සම්භාව්‍ය ලෙස 19% කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අඩු කර ඇති බවද පෙර සඳහන් කර තිබුණි.

ඉරාන විප්ලවීය හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ වානේ කර්මාන්තශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇලුමිනියම් කර්මාන්තශාලා ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය සිදු කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button