
උණුසුම් පුවත්
පාසල් පැවැත්වීමේ තීරණය පළාත් අධ්‍යාපන බලධාරීන්ට
අයහපත් කාලගුණය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා තිබේ.
අයහපත් කාලගුණය හමුවේ පාසල් පැවැත්වීම ගැන පළාත් බලධාරීන්ගේ තීරණය අනුව කටයුතු කෙරේ
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වාගෙන යාම සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ ලේකම්වරුන්ට අවශ්‍ය බලතල ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශය විසින් අදාළ පළාත් බලධාරීන් වෙත යොමු කර තිබේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප කිහිපයක පාසල් 26ක අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.



