
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ බස් ගාස්තු සංශෝධන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික ගාස්තු සංශෝධන ක්‍රමවේදයට අනුව සෑම වසරකම ජූලි 01 දින බස් ගාස්තු යාවත්කාලීන කළ යුතු බවය.
ඒ අනුව 2026 පෙබරවාරි මාසයෙන් පසු මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලේ සිදුවන උච්චාවචනය, ඩොලර් විනිමය අනුපාත වෙනස්වීම් සහ බස් රථ ධාවන වියදම්වල ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතය.
එමෙන්ම බස් අමතර කොටස් මිල, අධිවේගී මාර්ග ධාවනය සහ නවීන පහත් පතුල බස් සේවාවන්හි වියදම්ද මෙහිදී සලකා බැලේ.
දැනට ක්‍රියාත්මක බස් ගාස්තු සූත්‍රය හා ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සංශෝධනයද එක්කරමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.



