
ප්‍රධාන පුවත්
නව නාවික හමුදාපති ඩේමියන් ප්‍රනාන්දු රාජකාරි අරඹයි
ශ්‍රී ලංකාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) සිය නිල රාජකාරි ආරම්භ කළේය.
අකුරේගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී එම රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාව පැවැති අතර, නව නාවික හමුදාධිපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් ද පිරිනමන ලදී.
එම උත්සවය අද නාවික හමුදා මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.



