
පොලිස් නිලධාරීන්ට වසර 5කට පසු උසස්වීම්
වසර පහකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණපාන ගැටලු සහ එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
පොලිස් සේවාව වෘත්තීමය හා ගුණාත්මක මට්ටමකින් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී ඔහු පැහැදිලි කර තිබේ.
එසේම, දිවයින පුරා පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලකිය යුතු මුදලක් වෙන්කර ඇති බවද සඳහන් විය.
පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට පිළියමක් ලෙස නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ වැඩසටහන ද මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



