ප්‍රධාන පුවත්

පෙට්‍රල් ලීටර් 80ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්ධන තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී රුපියල් 25,000කට ආසන්න වටිනාකමින් යුත් පෙට්‍රල් ලීටර් 80කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.

බණ්ඩාරගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම ඉන්ධන තොගය වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් අටුලුගම ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button