උණුසුම් පුවත්

පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන ලෙස හඳුන්වන චීවරධාරියාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රාජාංගනේ සද්ධාරතන නම් මෙම චීවරධාරියා සංඝ භාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේදී තීරණය කර තිබූ බවද වාර්තා වේ.

ඔහු විසින් පවත්වාගෙන ගිය යූටියුබ් නාලිකාව සහ සමාජ මාධ්‍ය හරහා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගෙන තිබූ බව සඳහන්ය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button