ප්‍රධාන පුවත්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

 

පෙබරවාරි 9 වන දින දක්වා පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සිව්නම සහ සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණි.

ඒ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවය.

මෙම සිදුවීමට, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්,  පූජ්‍ය නන්ද හිමියන් සහ  පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන්ද ඇතුළත් විය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button