
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ අධිකරණයට
නාමල් රාජපක්ෂ අධිකරණයට අද (30) යළි රැගෙනවිත් තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
එම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙනවිත් ඇත.



