කාලගුණය

ප්‍රබල අකුණු අවදානමක් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (12) පෙරවරු 11ට නිකුත් කළ එම නිවේදනය හෙට (13) අලුයම 1 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ඇතිවීමටද ඉඩ තිබේ. අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button