ප්‍රධාන පුවත්

පුත්තලමේදී මත්ද්‍රව්‍ය කිලෝ 300කට අධික තොගයක් අද විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් විවිධ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) පුත්තලමේදී විනාශ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු විනාශ කිරීමට අනුමැතිය ලැබූ ද්‍රව්‍යයන් වේ.

විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් සහ සාමාන්‍ය ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක් ඇතුළත් වේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ සිට අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පුත්තලමේ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබේ.

මෙම ක්‍රියාවලිය මගින් අධිකරණ නියෝග අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නිසි ක්‍රමවේදයන්ට අනුව විනාශ කිරීම සිදු කෙරේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button