ප්‍රධාන පුවත්

පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් එක්වෙයි

පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් ඇතුළත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළට – නව පක්ෂ තුන නම් කෙරේ

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7 (5) උපවගන්තියට අනුව මෙම නව පක්ෂ තුන පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයට අනුව 2026 ඔක්තෝබර් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති නව පක්ෂ තුන වන්නේ,

  1. අප ජනතා පෙරමුණ
  2. තමිල් මක්කල් විඩුතලෛ පුලිකල්
  3. දෙමළ ජාතික හරිත සංවිධානය

මෙම පක්ෂ තුන අලුතින් එක්වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ නිල පිළිගැනීමට ලක්ව ඇති සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87ක් බවට පත්ව තිබේ.

මේ බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය මඟින් වැඩිදුරටත් තහවුරු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button