උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිනෙයි

 

මීට සුළු වේලාවට පෙර හිටපු ජනාධිපති   මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත්ය.
 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button