
පාස්කු දින ප්‍රහාරයේ මහමොළකරු හෙලි කරනවා – උදය ගම්මන්පිල
මෙරට සිවිල් පුරවැසියන් ඉලක්ක කරගනිමින් වසර 7ට පමණ පෙර කාලයේ එල්ලවුණු ම්ලේච්ඡ පාස්කු දින ප්‍රහාරය වර්තමානයේ විවිද නායකයින් විවිද දේශපාලන පක්ෂ ඔවුන්ගේ හුදෙක් දේශපාලන නාටකයක් ලෙස පමනක් පවත්වාගෙන යන මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි.
ඔහු අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුනු දක්වමින් අතුමන් සඳහන් කලේ වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදු කර ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්රන්ථයක් සකස් කළ බවත් එය එළැඹෙන මාර්තු මස 31 වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත් උදය ගමන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් කරුනු පැහැදූ පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා,
”පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා.. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා.. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්”



