ප්‍රධාන පුවත්

පාම් තෙල් තහනම ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහයක?

පාම් තෙල් තහනම ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහයක? යනුවෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනාවක් එල්ල කරයි. එම ව්‍යාපාරය පවසන්නේ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් පාම් තෙල් මෙරටට ආනයනය කිරීමේ සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ මෙම උත්සාහය වැළැක්වීමට මැදිහත් වන ලෙසත්, පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙසේ පැවසීය.

“2021 වසරේ විද්වත් මණ්ඩලයක් විසින් ගත්ත තීරණයක් මත මේ රටේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන්න එහෙම නැත්තන් ආහාර සුරක්ෂිතතාවය සඳහා යම්කිසි සීමාවන් පැනවූවා පාම් තෙල් ආනයනය සීමාවන් සඳහා. මේ අවුරුදු 2කට කලින් පත්වුණු රජය ඒ ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරමින් ගියා. හැබැයි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් එක්ව පාම් තෙල් ලංකාවට ආනයනයකිරීමේ සීමාවන් ඉවත්කිරීමේ සූදානමක නිරත වෙනවා. අයවැය යෝජනාවක් ඉස්සරහට දාලා ඒ අයවැය යෝජනාවෙන් ඉඩහරිනවා මේ රටට නැවතත් පාම්තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන්න”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button