ප්‍රධාන පුවත්

පානදුරේ ප්‍රසිද්ධ මල් ශාලාවකින් හෙරොයින් ජාවාරමක් හෙළිවෙයි – මව සහ පුත්‍රයා අත්අඩංගුවට

මල් ශාලාවක් ලෙස පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පානදුර උතුර පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම වැටලීම සිදුකර ඇත්තේ පානදුර උතුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ප්‍රසිද්ධ මල් ශාලාවක් ආශ්‍රිතව ලද විශ්වාසදායක තොරතුරක් මතයි. ඊයේ (25) පස්වරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී, එම ව්‍යාපාරයේ හිමිකරුගේ පුත්‍රයා සහ ඔහුගේ මව හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් පුත්‍රයා 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මව 69 හැවිරිදි බව වාර්තා වේ.

 

සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවද පොලීසිය ප්‍රකාශ කර ඇත.

 

අදාළ දෙදෙනා අද දිනයේදී පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button