
කැන්ටිමක් කඩා රු.40,000ක ටොෆි–චොකලට් සොරාගත් දැරිවියන් 3ක් අත්අඩංගුවට
වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිමට බිඳවැටී රුපියල් 40,000කට ආසන්න ටොෆි සහ චොකලට් තොගයක් සොරකම් කළ බවට සැකකෙරෙන ගැහැනු ළමුන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 13, 14 සහ 15 යන කාණ්ඩවලට අයත් බවයි.
අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශන අතරතුර ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර සැකකාරියන් හඳුනාගෙන තිබේ. අනතුරුව, ඔවුන් නවාතැන් ගෙන සිටි ළමා නිවාසයක සඟවා තිබූ ටොෆි, චොකලට්, ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් ඇතුළු මිතුරු ආහාර තොගයක්ද සොයාගෙන ඇත.
මූලික විමර්ශන අනුව, ළමා නිවාසයේ යතුර සොරකම් කර අළුයම 1.30ට පමණ එයින් පිටව ගොස්, අවන්හලේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහරදී බිඳ සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. එම භාණ්ඩ පොලිතීන් බෑග්වල දමා නැවත ළමා නිවාසයට ගොස් සැඟවූ බවද පොලිසිය පැවසීය.
සැකකාරියන් ඉදිරියේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



