ප්‍රධාන පුවත්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගැන CIDට පැමිණිල්ලක්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා රටට සිදුව ඇති බවට සැලකෙන ආර්ථික පාඩුව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.

ඔවුන් පවසන්නේ, ගල්අඟුරු ගෙන්වීමේදී ප්‍රමිතියෙන් තොර තොග ආනයනය කර ඇතිද යන්නත්, එමඟින් රජයට හා මහජනතාවට සිදුව ඇති පාඩුවත් පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එම නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේ, බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේදී හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එවක ජනාධිපතිවරයා බලපෑම් නොකළ බවට තමන් විශ්වාස කරන බවයි.

එමෙන්ම, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා වත්මන් ජනාධිපතිවරයාද කිසිදු ආකාරයේ බලපෑමක් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔවුන් අවධාරණය කළහ.

 

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා,

“නියමිත කාලයට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. ඊළඟට දැන් මේ සමාගම හාල් ගෙනල්ලා ප්‍රමිතියෙන් තොර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව බ්ලැක්ලිස්ට් කරලා රටට නොගන්වුව හාල් ටික ගේන්න බැරිව ඒකෙන් හූරාකාපු සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්නේ ඔවුන්ට ලියාපදිංචි වෙන්න ජූලි වෙනකන් අවස්ථාව දීලා. දැන් දූෂණය තහවුරු වෙලා ඉවරයි හදිසි මිලදී ගැනීම් එක්ක ඉතාම පැහැදිලියි.” 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button