
Tech
iOS භාවිතයන්ට WhatsApp Web ප්‍රවේශ දෝෂයක් – Downdetector හරහා පැමිණිලි රැසක්
iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන ඇතැම් පරිශීලකයින්ට WhatsApp Web වෙත ප්‍රවේශ වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇනහිටීම් නිරීක්ෂණ වේදිකාවක් වන Downdetector අනුව, මෙම බාධාව පිළිබඳ පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත්, සියලුම iOS භාවිතයන් මෙම දෝෂයට ලක්වී නොමැති බවද වාර්තා වෙයි.
මේ වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැති අතර, Meta Platforms සමාගම මේ සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.



