දේශපාලන

පළාත් සභා ඡන්දයට මැතිවරණ කොමිසම සූදානම්

පාර්ලිමේන්තුව මගින් අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්මත කළ වහාම ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පවතින නීතිමය බාධා සහ ඒවා ඉවත් කර ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කරුණු දැනුම් දී ඇත.

එමෙන්ම පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බැලීම සහ ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව මගින් මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් කරුණු විමසා තිබුණි.

අදාළ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටි අතර, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ගගත ක්‍රමයෙන් සහභාගී වූ බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button