ප්‍රධාන පුවත්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන්වූ නෞකා 5කම බාල ගල්අඟුරු-සජිත් ප්‍රේමදාස

නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය සඳහා ගෙන්වූ නෞකා පහකම අන්තර්ගතව තිබුණේ බාල ගුණාත්මක ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සංකීර්ණයේ පැවති යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදීය.

එම රැස්වීමට ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් කැඳවා තිබුණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ නොරොච්චෝලේ “ලක්විජය” විදුලි බලාගාරය සඳහා ආනයනය කළ ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button