ප්‍රධාන පුවත්

ජොන්ස්ටන් ඇතුළු පිරිස 20 දක්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

අධිකරණ නියෝගය අනුව, ඔවුන් ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබනු ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට පවතින චෝදනාවක් මතය. එම සිද්ධිය පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද විමර්ශනයක් අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button