
උණුසුම් පුවත්
ශ්රීලන්කන් එයාර්ලයින්ස් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්රීලන්කන් කේටරින් සමාගම්වල සභාපති ලෙස සේවය කළ සරත් ගණේගොඩ මහතා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා පත් කර ඇත.
එසේම, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ.
සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක මහත්වරුන් විසින් ඔවුන්ගේ සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය විසින් විශේෂයෙන් අගය පළ කර තිබේ.



