
උණුසුම් පුවත්
කිරිපිටි මිල අද සිට ඉහළට
ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.
ඒ අනුව, ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් වැඩි කිරීමට නියමිත බව එම සංසදය සඳහන් කළේය.
වෙළෙඳපොළේ පවතින ආර්ථික තත්ත්වය සහ විනිමය අනුපාතයේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවද වාර්තා වේ.
අද (20) සිට නව මිල ගණන් යටතේ ඇසුරුම් කරන ලද කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති බවද සඳහන්ය.



