
නිදහස් උත්සව පෙරහුරු හේතුවෙන් කොළඹට අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
2026 ජනවාරි 30,
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු පැවැත්වීම හේතුවෙන්, කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්රියාත්මක කරන බව පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව, අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පුහුණුවීම් සිදුකිරීමට නියමිත අතර, එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්රය අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීම් යොදවනු ඇත.
ඊට අමතරව, පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරන බවද පොලීසිය සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ කොළඹ නගරය තුළ රථවාහන සීමා කිරීම් ක්රියාත්මක වන අතර, ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට හැකිවන පරිදි මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්රියාත්මක කර ඇත.
නිදහස් දින උත්සවය සහ ඒ සඳහා පැවැත්වෙන පෙරහුරු දිනයන්හිදී ක්රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.





