උණුසුම් පුවත්

ප්‍රකාශයක් දීමට රෝහිත රාජපක්ෂ CID වෙත පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.

එම කාර්යාංශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබූ බව වාර්තා වේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා කාර්යාංශය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button